Sunday, April 21, 2013

මිතුරෝ

අරුණෝදෙ උදාරැස් මහ පොළව සිඹින විට
සදවතිය සමග රෑ කුමුදු මල් පිපෙන විට
පැය ගණන් ගතවෙලා දින ගණන් ගෙවෙනකොට
ඔය මිතුරු සිත දැනේ මහමෙරක් විලසටම..

පාලු වූ සිත් කොණේ කාංසිය පිරෙනකොට
ලොවම නෑ මගෙ ළගින් කියා මට දැනෙනකොට
සැණින් විත් මගෙ ළගට මකා සිත රැදුණු දුක
සැනසුවා මගේ සිත ලබැදි මිතුරන් ලෙසට..

සිත පිරී ඉතිරෙනා සතුට හද රැදෙනකොට
විටෙක උණු කදුලු බිදු කොපුල් තල සිඹිනකොට
නොවෙනස්ව මා ළගින් එක විලස රැදුණාට
නුඹට මා ණය ගැතියි මේ සසර පුරාවට..    

3 comments:

  1. නිසා කල ලොව දිනු මිහිරන්දු සද රැජින
    දිවා කල ගිම් නිවු අමරන්දු මද පවන
    නිවා ලන සුව පෙවූ සමබන්දු සුන්දරිය
    සදා කල මා සෙවූ සිත් රන්දු සොහොයුරිය

    ReplyDelete
    Replies
    1. ඔබේ මිතුදම මට නිබද ශක්තියකි..ස්තූතියි පූමෝ

      Delete