Tuesday, April 30, 2013

අහිමි නුඹට

පුරපස සදට කලුවර පැරදුන රෑක
කුමුදු සුවද පැතිරුන පුන් පෝ දාක
සිත රැදි මතක මුතු කදුලක දවටාන
අරගෙන ගිහින් මගෙ සිත ඔබ දුර ඈත

සිත රැදි සවිය වියැකීලා ගිය දාට
නුඹෙ මුදු සුවද විද ගන්නද මං කෝම
තාමත් නුඹේ පෙම මට යැයි සිතුවාට
ගත මෙන් සිත ද වාරුව නෑ පෙර සේම

ඔබෙ පෙම නැතත් දැන් පෙර මෙන් ළග පාත
මතක සුවද ලෙසවත් ළග ඉනු හැකිද
මං පෙම් කරන ඔය නෙත් යුග ළගදීම
අවසන් ගමනවත් යන්නට මට හැකිද

මගෙ දුක් සොහොනෙ අරලිය මල් පිපෙන විට
දුක නොදැනේවි මා සිහි වී ඔය හිතට
අහිතක් නැතත් නුඹ ගැන මගෙ තුන් හිතක
පතනෙමි නිතින් ඔබ හට ආසිරි බෝම

2 comments:

  1. උඹ දුකින් ඉද්දි ලියවෙන දේවල් පුදුම ලස්සනයි බං. මට හිතාගන්න බෑ මේක ලියන වෙලාවේ උඹේ හිතේ තිබ්බ දුක බං. ඒ තරමට මේක ලස්සනයි.

    ReplyDelete
  2. තෑන්ක්ස් පූමො..ඇත්තටම දුකින් ඉද්දි ගොඩක් ලියන්න පුලුවන් බං මට හිතෙන්නෙ

    ReplyDelete