Tuesday, April 30, 2013

අහිමි නුඹට

පුරපස සදට කලුවර පැරදුන රෑක
කුමුදු සුවද පැතිරුන පුන් පෝ දාක
සිත රැදි මතක මුතු කදුලක දවටාන
අරගෙන ගිහින් මගෙ සිත ඔබ දුර ඈත

සිත රැදි සවිය වියැකීලා ගිය දාට
නුඹෙ මුදු සුවද විද ගන්නද මං කෝම
තාමත් නුඹේ පෙම මට යැයි සිතුවාට
ගත මෙන් සිත ද වාරුව නෑ පෙර සේම

ඔබෙ පෙම නැතත් දැන් පෙර මෙන් ළග පාත
මතක සුවද ලෙසවත් ළග ඉනු හැකිද
මං පෙම් කරන ඔය නෙත් යුග ළගදීම
අවසන් ගමනවත් යන්නට මට හැකිද

මගෙ දුක් සොහොනෙ අරලිය මල් පිපෙන විට
දුක නොදැනේවි මා සිහි වී ඔය හිතට
අහිතක් නැතත් නුඹ ගැන මගෙ තුන් හිතක
පතනෙමි නිතින් ඔබ හට ආසිරි බෝම

Wednesday, April 24, 2013

සොයුරු පෙම

මව් ඇකේ උණුහුමට ගුලි වෙන්න පිං නැතත්
පිය සෙනේ විදින්නට අපිට වරමක් නැතත්
කුසගින්න නිවනු වස් නේක දුක් විදි නමුත්
සොයුරු පෙම තියනවා හැමදේම නැති උනත්

දකින්නට ලොව එලිය පිං කරල ඇති නමුත්
විදින්නට මෙවන් දුක් පව් කරන්නැති හුගක්
සිනිදු සුව යහන්වල සැතපෙන්න පිං නැතත්
සොයුර ඔබෙ උණුහුමම අනේ මට මහ මෙරක්    
   

Tuesday, April 23, 2013

හිත හැඩ වූ නික්ම යාම

පෙර සසරෙ මහා ලොකු පවක් උඹ කරන්නැති
ඒ පවට මේ බවේ මෙහෙම දුක් විදින්නැති
මල් කැකුල මුකුලිතව පර වෙලා වැටෙන්නැති
නුඹ නමින් මේ කවිය මගෙ සිතේ මැවෙන්නැති

සිනිදු මුදු මල් කැකුලෙ සුවද විහිදුවන්නැති
අහිංසක නෙත් දෙකින් දසත හැඩ බලන්නැති
පුංචි මුව කිරි සිනා දසත ඇද හැලෙන්නැති
නුඹ නොමැති සෝකයට දුක් කදුලු ගලන්නැති

ගියත් ඔබ වෙන්වෙලා ආ සැණින් නික්මිලා
නුඹෙ රුව මැවෙනවා තාම නෙත් තෙත් වෙලා
හදිසියෙම ඇවිත් ගිය නමුදු ඔබ වෙන් වෙලා
නුඹ ඉදී මතකයේ සදාකල් සැගවිලා

කිසිදාක දැක නොමැති නමුදු නුඹ හැබෑවට
නුඹෙ වියොව මහමෙරක් සේ දැණුන හදවතට
නුඹ නමින් ඉනූ මේ දුකම රැදි කදුලු කැට
පා කරමි ඈතකට යලි නොඑන්නට ළගට

උපදිනා මතු බවෙක දිගාසිරි ලැබේවා
මෙවන් වූ දුක් මරණ යලිත් හිමි නොවේවා
කටුක මරණය යලිත් යලි යලිත් පරදවා
සසර කෙලවර අමා මහ නිවන ලැබේවා

Sunday, April 21, 2013

මිතුරෝ

අරුණෝදෙ උදාරැස් මහ පොළව සිඹින විට
සදවතිය සමග රෑ කුමුදු මල් පිපෙන විට
පැය ගණන් ගතවෙලා දින ගණන් ගෙවෙනකොට
ඔය මිතුරු සිත දැනේ මහමෙරක් විලසටම..

පාලු වූ සිත් කොණේ කාංසිය පිරෙනකොට
ලොවම නෑ මගෙ ළගින් කියා මට දැනෙනකොට
සැණින් විත් මගෙ ළගට මකා සිත රැදුණු දුක
සැනසුවා මගේ සිත ලබැදි මිතුරන් ලෙසට..

සිත පිරී ඉතිරෙනා සතුට හද රැදෙනකොට
විටෙක උණු කදුලු බිදු කොපුල් තල සිඹිනකොට
නොවෙනස්ව මා ළගින් එක විලස රැදුණාට
නුඹට මා ණය ගැතියි මේ සසර පුරාවට..    

Saturday, April 20, 2013

සත් සමුදුරු දුරක ඉදන්
මගේ සුසුම් නොදැණුනාට...
හෙලනා උණු කදුලු බිංදු
ඔබෙ දෑසට නොපෙණුනාට
ළගින් ඉදන් පෙරදා මෙන්
ඔබෙ තුරුලේ නොහිටියාට
හිතේ සෙනේ තව අඩු නෑ
තාමත් එහෙමමයි ඒක...      

Tuesday, April 16, 2013

මෙහෙණියනි...


දගකාර මල් වයස
තුරුණු සමණල් යුගය
සසර මග ජයගන්න
කැප කෙරුව නුඹ සේම
හිතෙනවා මටත් ගත 
කහ සිවුර දරන්නට
රුදුරු වූ බව කතර
ඉතිං කෙටි කරගන්න
ජීවිතය දුකක්මයි
හැගෙනවා හැම කලට
අතැර මේ සියලු දෙය
යන්න වෙනවා දිනෙක
අතිර වූ ජීවිතය ඉතිං මහ දුකක්මයි
ඔබ විදින නිරාමිස සුවය මහ මෙරක්මයි
ඒ සුවය විදින්නට මහණ දම් පුරන්නට
මටත් හිතෙනවා හෙට මෙහෙණි සසුනට එන්න