Tuesday, April 16, 2013

මෙහෙණියනි...


දගකාර මල් වයස
තුරුණු සමණල් යුගය
සසර මග ජයගන්න
කැප කෙරුව නුඹ සේම
හිතෙනවා මටත් ගත 
කහ සිවුර දරන්නට
රුදුරු වූ බව කතර
ඉතිං කෙටි කරගන්න
ජීවිතය දුකක්මයි
හැගෙනවා හැම කලට
අතැර මේ සියලු දෙය
යන්න වෙනවා දිනෙක
අතිර වූ ජීවිතය ඉතිං මහ දුකක්මයි
ඔබ විදින නිරාමිස සුවය මහ මෙරක්මයි
ඒ සුවය විදින්නට මහණ දම් පුරන්නට
මටත් හිතෙනවා හෙට මෙහෙණි සසුනට එන්න         

     

3 comments:

  1. දිවි ගමනේ නිසරු බව හද පුරා දැනුන කල
    සසර මග දුර වැඩිය නිම කරනු ඇවැසිමය
    නුවණැසින් මැන බැලුව දිනය වෙත ආව සද
    ගිහි ගෙයට සමුදෙන්න කාමයම සරණ ගිය

    ReplyDelete