Monday, April 8, 2013

ඔබටයි මගෙ හිත උරුම සදා....




ඈත අතීතෙක බැදි පෙම් පුවතක
මතකයෙ නටඹුන් ඉතිරි වෙලා...
ඔබ මා ගොඩනැගු ආදර ලෝකය
නොසිතූ විලසට බිදී ගියා...

ඔබව පැතූමුත් ඔබ දෙගුරුන් සිත්
මා පිලිගන්නට මැලි වූවා...
මා වෙනුවෙන් ඔබෙ දෙගුරුන්ගේ සිත්
රිදවනු නොහැකිව තනිවූවා..

ඔබෙ සෙනෙහස විදි සමණල් හීනයෙ
තටු සිද පොඩි කර තලා දමා...
ඔබගෙන් සමුගෙන ආපසු හැරුණද
සිත නුඹ ළගමයි මට දැනුනා..

පෙර සංසාරේ කළ පිං මදි ඇති
පව් කල හිත අඬ අඬ කීවා..
මට හිමි නැති මුත් තරහක් නෑ සිත
ඔබටයි මගෙ පෙම උරුම සදා,,,

No comments:

Post a Comment