Monday, April 8, 2013

නුඹට කියන වග නම්,,,

ඈත දෙතැනක හුදෙකලාවක

ගෙවී යන දිවි මං තලාවක

ඔබ දකිනු රිසි වැලපෙනා සිත

හෙලන සුසුමන් දැනෙනවා නම්...

 

ළගක නැති ඔබ යනෙන මාවත

රුදුරු විස ඇති බාදුරා මල්

පිපී හිනැහෙනවිටදි ඔබ සිත

නතු නොවී මවෙතම රැදේ නම්

 

කදුලු පිරෙනා පුංචි ඇස් දෙක

හීන දකිමින් ගෙවන තුන් යම

හදේ බුබුරා නැගෙන ගිණිදැල්

ඔබේ දෑසත් දකිනවා නම්...

 

ගතින් දුර වුව සිතින් ළගමයි

ඈත්වෙන්නට හැකි නොවේ නම්

මගේ හුස්ම ද ඔබට කැප කර

මවෙත එන තුරු බලා ඉන්නම්

No comments:

Post a Comment