නුඹට කියවනු බැරි ඇතී..
දෑස් පාමුල ගුලි ගැසී තව
කදුලු බිදු වැටෙනා හැටී..
දුරස් වූවද මගෙ ළගින් උන්
සුවද නෑ තවමත් මැකී..
කොහේ ඉන්නද කොහෙ යන්නද
හිතා ගන්නත් බැරි හැටී...
දෙනෝ දාහක් අතර රැදුනද
පාරවයි නුඹ මා නිතී..
පාලුවම විතරද මගේ ලොව
සතුට සොයනට සිත නැතී..
වාරු නැති හිත හුදෙකලාවට
තව තවත් ලං වෙයි නිතී...
අදුර පමණක් රැදුනු ලෝකෙන්
මිදෙන්නට මග තව නැතී..
This comment has been removed by a blog administrator.
ReplyDeleteමරු කවිටික ඈ....දිගටම ලියමුකෝ අපිත් එනවා ඔන්න මේ පැත්තේ....
ReplyDeleteස්තූතියි දසුන්..දිගටම එන්න
Deleteසිත් බැන්ද අය නිසයි හිතට දුක දැනෙන්නේ
ReplyDeleteනෙත් රන්ද මග බලයි නො එන මග ඉදින්නේ
වෙන් වෙන්ව ගිය දිනයි මෙලෙස හද දවන්නේ
දුක් වින්ද අය තමයි තැවුණු සිත ලබන්නේ
This comment has been removed by the author.
ReplyDeleteම්ම්ම් ඔව් පූමා..දුක් වින්ද අය තමයි තැවුනු සිත් ලබන්නේ.
ReplyDeleteබ්ලොග් ලෝකෙ දිගු ගමනක් යන්න සුභ පතනව ඔයාට හදවතින්ම! ජය!!!
ReplyDeleteස්තූතියි සමී
Deleteසුබ පතනවා නගෝ..දිගටම හොද නිර්මාණ කරන්ට ජයවේවා
ReplyDeleteස්තූතියි :)
Deleteදෙව්මි මමත් ආවා... සුබ පැතුම් මගෙනුත්..
ReplyDeleteලස්සනයි ඔයාගෙ කවි..
දිගටම ලියන්න..අපි එනවා කියවන්න..
ස්තූතියි සජානි..දිගටම එන්න ඇ
Delete