ලොව අනියතයි වෙයි දිනයක හැරයන්න
මට මෙන් සැමට උරුමවු දෙය පිළිගන්න
රුදු මරුවා එන දින මා ගෙනයන්න
යන්නට සිදු වේවි කාටත් නොකියාම
මං නැති අඩුව කිසි කලකත් දැනෙන්නෙපා
මිය ගිය පසුව මා ගැන දුක හිතන්නෙපා
ගියමුත් නොකියාම තරහක් හිතන්නෙපා
ඔය ඇස් දෙකට කදුලක් නම් උනන්නෙපා
පියවුනු මගෙ දෑස් ආයෙත් නොදිලේවී
ඒ ඇස් වලින් තවකෙකු එලියක් දකිවි
දිවි මග සරා සමුගෙන යන්නට යාවී
යලි මතු සසරෙ හමු වෙන්නට මං පතමී
මියගිය පසුව කොහෙ සිටියත් මෙහෙ එන්න
වලලන තුරා මගෙ තනියට ළග ඉන්න
අපෙ මතකයත් මා එක්කම වලලන්න
තිස්තුන් කෝටියක් දෙවි ඔබ රැකදෙන්න
No comments:
Post a Comment