Monday, April 8, 2013

ළගදිම මා බලන්නට එනවා නේද...?




හුරතල් වෙවී නුඹෙ ලෝකයෙ හිනැහෙන්න
ආසයි පෙර වගේ ආයෙම ළග ඉන්න
දුරු රට තනිවෙලා හිටියත් ඔබ ඔන්න
ළගදිම ඇවිත් යන්නටවත් යලි එන්න


පපුතුර හිස තියන් පෙම් කවි මුමුණන්න
උණුහුමෙ ඔබේ මොහොතක් රැදිලා ඉන්න
ආ ගිය කතා විස්තර හෙම දැන ගන්න
එන්නේ කවදාද මේ ඇස් හමුවෙන්න

මට දැනෙනා පාලු ඔබටත් දැනෙනවද
මිමිනූ කතා දෙසවන තුල රැදෙනවද
එවලෙට කදුලු ඇස් දෙක තුල පිරෙනවද
ළගදිම මා බලන්නට එනවා නේද

No comments:

Post a Comment