Monday, April 8, 2013

මේ හිතේ ඉඩ තවම ඔබටයි




ඈත සයුරේ හිරු ගිලී යයි
නිමා වී යයි තව දිනක්
හුදෙකලාවට පෙම් කරන සිත
හෙව්ව ගොතනට පද වැලක්
එදා තරමට තනි හිතේ
පැතුම් මල් පොදි අද නැතත්
නිමා වී ගිය වසන්තේ අග
පිපෙනවා තව මල් අදත්

ඔබේ ළග උන් පෙම් හිතේ
සුවද තාමත් හිත ඇතත්
ඔබ මගේ නොව අද ඇගේ වී
සමු අරන් ගොස් බෝ දුරක්
පාලු වී ගිය සිතට ආයෙම
ගන්නෙ කොහොමද තව අයෙක්
මේ හිතේ ඉඩ තවම ඔබටයි
එන්න ආයෙම තනි උනොත්

No comments:

Post a Comment