Monday, April 8, 2013

අප්පච්චී




ඉස්සර ඉදන් ඔබ තුරුලේ ගෙවුනු යුගේ
අදටත් මතක් වී නෙතු යුග කදුලු පිරේ
ගියමුත් අපව හැර කිසිදා නොඑන ලෙසේ
ඔබ ඉන්නවා මැරෙනා තුරු අපේ හිතේ

ගත රැදි රුහිරු කිරි කරලා නොපෙව්වද
හිත රැදි සෙනේ නොඅඩුව දුන්නා නොවෙද
පෙර කල පවට අද අපි තනි වී ගියද
ඔබ නැති පාලු බෑ කාටත් මකන්නට

උදුවප් මහේ සීතල වැහිබර රෑක
මරුවා සමග ඔබ සිටියා සටන් වැද
ලොව අනියතයි ඒ බව යලි පසක් කොට
ඔබ ඇස් පියා ගත්තා යලි නොඑන ලෙස

ඔබ අප දමා ගොස් තුන් වසරක් ගෙවිලා
කොතරම් ඇඩුව මුත් නෑ කදුලැල් හිදිලා
ජීවත් වෙලා හිටියත් පණ නල රැදිලා 
සතුටක් නෑ හිතේ ඔබ ගිය දා ඉදලා

පුංචිකමට මං දග වැඩ කරන්නැතී
වෙලාවකට ඔය හිත රිද්දන්න ඇතී
ඔය තුරුලේ හිද සෙනෙහස වින්ද හැටී
මතකෙට එද්දි හිත මගෙ විදවනා හැටී

අප්පච්චී අද රෑ හීනෙන් එන්න
දෝනිගෙ ළගට ඇවිදින් චුට්ටක් ඉන්න
මතු සංසාරෙ නිවනින් සැනසී යන්න
පෙර යලි වතාවක් අප්පච්චී වෙන්න 

1 comment:

  1. පුංචිකමට මං දග වැඩ කරන්නැතී
    වෙලාවකට ඔය හිත රිද්දන්න ඇතී
    ඔය තුරුලේ හිද සෙනෙහස වින්ද හැටී
    මතකෙට එද්දි හිත මගෙ විදවනා හැටී

    අප්පච්චී අද රෑ හීනෙන් එන්න
    දෝනිගෙ ළගට ඇවිදින් චුට්ටක් ඉන්න
    මතු සංසාරෙ නිවනින් සැනසී යන්න
    පෙර යලි වතාවක් අප්පච්චී වෙන්න

    ලස්සනයි නංගියෝ.. තව තවත් ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ධෛර්ය්‍ය ප්‍රාර්ථනා කරනවා!

    ReplyDelete