Monday, April 8, 2013

සමුගැන්ම

යන්නම යන්න ඕනෑ වී නම් ඔබට
කොහොමද වලක්වන්නේ මං නුඹෙ සතුට
ඉන්නට බැරි උනත් නුඹ නැති ලොවක මට
කැප කරනට හැකිය නුඹටම මගෙ සතුට

ඉන්නට පැතුව මුත් දෙදෙනා කූඩු තනා
ඔබ හදනවා යන්නට දැන් ඉගිල්ලිලා
නොහැකිය කඩුලු බදිනට ඔබෙ සතුට නිසා
යනු මැන ඉගිල ඔබ ඔබගේ විමන සොයා

ඔබෙ දෙනෙතින්ය ලොව දුටුවේ මේවනතෙක්
අද සිට ඔබේ හිමිකම ගත්තා තවකෙක්
දුක මිස වයිර කරනට බෑ කවදාවත්
හද පතුලෙන්ම සුබ පතනව දුකෙන් උනත්....   

      
 

5 comments:

  1. බිලොග් ලෝකෙට සාදරයෙං පිළිගනිමි :)

    ReplyDelete
  2. ලව්බූට් ^_^April 9, 2013 at 3:19 PM

    මගෙන් උනු සුන් සුබ පැතුම්

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete