Saturday, April 13, 2013

හෙට අලුත් අවුරුදු

            හෙට සිංහල අලුත් අවුරුද්ද..හැමෝම ඒකට ලෑස්ති වෙනව..කැවිලි හදනව..අච්චාරු දානව..ගෙවල් අස් කරනව හරියට වැඩ..මං විතරක් ඔහේ බලාගෙන ඉන්නව..හැමෝම අහනව අවුරුදු  කොහොමද කියල..ඒත් ඔයයි,තාත්තයි නැතුව මට මොන අවුරුදුද?
                          ඉස්සර මල්ලිල දෙන්නටයි මටයි කිරිබත් කවන්න තාත්තා කොහේ හිටියත් ගෙදර එනව.දැන් එයත් පොලව යට සදාකාලික නින්දකට වැටිල අවුරුදු තුනක්..නැකතට අම්මා කිරිබත් කවන්න කතා කරද්දි මං හැමදාම කාමරේට ගුලි ගැහිල ඔහේ ඉන්නව.තරහකට නෙවෙයි..පපුව කඩාගෙන එන  දුක කදුලු වෙලා ගලද්දි ඒ දුක එයාලට පෙන්නල එයාලවත් අඩවන්න බැරිකමට..
                      දවසක් එයි..මං මේ දුකට හුරුවෙලා කදුලු වේලිලා යන..ඒ දවස එනකං මම බලන් ඉන්නව කදුලු නැති ඇස්වලින් අම්මා ලගට ගිහින් නැකතට කිරිබත් කටක් කන්න....

6 comments:

  1. නැති වීම යනු කුමක් දැයි
    මනා කොට නොදත් කල
    කෙලෙසකද කියනුයේ
    සිත හදා ගන්න යැයි කියා

    ReplyDelete
  2. සුබ අලුත් අවුරුද්දක් වේවා නගේ..

    ජීවිතය කියන්නෙ මොන වගේ එකක්ද කියලා හිතන්න... අලුත් අවරුද්දත් නරකම නෑ නඟේ.. ඒක තමන්ම හිතා ගන්නවා මිසක.. වෙන කාටවත් කියා දෙන්න බෑ..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ඔව් අයියා...ඔයාටත් සුබ ම සුබ නව වසරක් වේවා!!

      Delete
  3. සුබ අලුත් අවුරුද්දක් වේවා දෙවුමියෝ..

    ReplyDelete
    Replies
    1. ඔයාගෙත් සියලු සිතුම් පැතුම් ඉටුවෙන සුබ ම සුබ නව වසරක් වේවා සුද්දෝ!!

      Delete