Monday, April 8, 2013

ලදුනේ..

ලදුනේ ලදුනේ
ඔබේ දෑස දැකගත්තෙමි
සැදෑ කලක ලදුනේ
දෙනෝ දහක් අත ගත්තද
සැමියෙකු නැති ලදුනේ...
නෑයෙක් නෑකම් නොකියන
වීදි සරන ලදුනේ..ලදුනේ..
තෙල් මල් ගෙන දෝත පුරා
මුණි කුටියට පියමංවන
ඔබේ දෑස දැකගත්තෙමි 
සැදෑකලක ලදුනේ...

බුදුන් දැක නිවන් දකිමැයි
දෙවුරම් යන පාර අසන
ඔබද පටාචාරාවකි
ඔබද කිසාගෝතමියෙකි
පිරිමින්ගේ පාප කදට
දෝස විදින ලදුනේ...
අදුරේ පව් කරන දනා
එළියෙ රවන ලදුනේ
ලැම පමණක් ලොවට පෙනෙන 
ලය නොපෙනෙන ලදුනේ..
කුහුඹුවෙකුට වරදක් නැති
වැරදිකාර ලදුනේ..
අදුරේ පව් කරන දනා

No comments:

Post a Comment