අරුණෝදෙ උදාරැස් මහ පොළව සිඹින විට
සදවතිය සමග රෑ කුමුදු මල් පිපෙන විට
පැය ගණන් ගතවෙලා දින ගණන් ගෙවෙනකොට
ඔය මිතුරු සිත දැනේ මහමෙරක් විලසටම..
පාලු වූ සිත් කොණේ කාංසිය පිරෙනකොට
ලොවම නෑ මගෙ ළගින් කියා මට දැනෙනකොට
සැණින් විත් මගෙ ළගට මකා සිත රැදුණු දුක
සැනසුවා මගේ සිත ලබැදි මිතුරන් ලෙසට..
සිත පිරී ඉතිරෙනා සතුට හද රැදෙනකොට
විටෙක උණු කදුලු බිදු කොපුල් තල සිඹිනකොට
නොවෙනස්ව මා ළගින් එක විලස රැදුණාට
නුඹට මා ණය ගැතියි මේ සසර පුරාවට..
නිසා කල ලොව දිනු මිහිරන්දු සද රැජින
ReplyDeleteදිවා කල ගිම් නිවු අමරන්දු මද පවන
නිවා ලන සුව පෙවූ සමබන්දු සුන්දරිය
සදා කල මා සෙවූ සිත් රන්දු සොහොයුරිය
ඔබේ මිතුදම මට නිබද ශක්තියකි..ස්තූතියි පූමෝ
Delete:D
ReplyDelete