හෙට සිංහල අලුත් අවුරුද්ද..හැමෝම ඒකට ලෑස්ති වෙනව..කැවිලි හදනව..අච්චාරු දානව..ගෙවල් අස් කරනව හරියට වැඩ..මං විතරක් ඔහේ බලාගෙන ඉන්නව..හැමෝම අහනව අවුරුදු කොහොමද කියල..ඒත් ඔයයි,තාත්තයි නැතුව මට මොන අවුරුදුද?
ඉස්සර මල්ලිල දෙන්නටයි මටයි කිරිබත් කවන්න තාත්තා කොහේ හිටියත් ගෙදර එනව.දැන් එයත් පොලව යට සදාකාලික නින්දකට වැටිල අවුරුදු තුනක්..නැකතට අම්මා කිරිබත් කවන්න කතා කරද්දි මං හැමදාම කාමරේට ගුලි ගැහිල ඔහේ ඉන්නව.තරහකට නෙවෙයි..පපුව කඩාගෙන එන දුක කදුලු වෙලා ගලද්දි ඒ දුක එයාලට පෙන්නල එයාලවත් අඩවන්න බැරිකමට..
දවසක් එයි..මං මේ දුකට හුරුවෙලා කදුලු වේලිලා යන..ඒ දවස එනකං මම බලන් ඉන්නව කදුලු නැති ඇස්වලින් අම්මා ලගට ගිහින් නැකතට කිරිබත් කටක් කන්න....
Saturday, April 13, 2013
Thursday, April 11, 2013
ජීවිතයේ සැදෑ සමය
ගත රැදි සවිය දැන් ටික ටික දුරස් වෙලා
අත පය වාරු නෑ මගෙ ගත ගිලන් වෙලා
ගත මෙන් සිත ද දැන් හොදටම මහලු වෙලා
පාලුව කාංසිය විතරක් ඉතුරු වෙලා..
පෙර ගෙව් අතීතෙට ගොස් හිත නවතිනවා
දරුවන් සමග සිටි කාලය සිහි වෙනවා
ටික ටික මහලු වී මං වයසට යනවා
දරුවන් මහලු මඩමට මා ඇරලනවා..
අම්මා මෙලොව හැරදා ගිය දවසෙ පටන්
අඩුවක් කලෙ නෑ සැලකුවා හැකි පමනින්
උන් හෙට දවසෙ ලොව ජයගෙන ගෙට එනකන්
මං මග බලා උන්නා උඹ ලොකු වෙනකන්.....
දරුවන් උසස් තැන්වල අද වැජඹෙන්නේ
අප්පච්චී මහලු මඩමක ලතැවෙන්නේ
දරු සෙනෙහස මිසක තරහක් නෑ එන්නේ
පිය සෙනෙහසට කදුලින් ඇස් තෙත් වෙන්නේ...
තව වැඩි කලක් නෑ මම ජීවත් වෙන්නේ
මියැදී යන්න පෙර එක දවසක් ඉතිනේ
ආසයි ඔබෙ මුව කමල දැක ගන්නට පුතුනේ
හැකි නම් ඔබට ඇවිදින් යනු මැන ඉතිනේ...
අත පය වාරු නෑ මගෙ ගත ගිලන් වෙලා
ගත මෙන් සිත ද දැන් හොදටම මහලු වෙලා
පාලුව කාංසිය විතරක් ඉතුරු වෙලා..
පෙර ගෙව් අතීතෙට ගොස් හිත නවතිනවා
දරුවන් සමග සිටි කාලය සිහි වෙනවා
ටික ටික මහලු වී මං වයසට යනවා
දරුවන් මහලු මඩමට මා ඇරලනවා..
අම්මා මෙලොව හැරදා ගිය දවසෙ පටන්
අඩුවක් කලෙ නෑ සැලකුවා හැකි පමනින්
උන් හෙට දවසෙ ලොව ජයගෙන ගෙට එනකන්
මං මග බලා උන්නා උඹ ලොකු වෙනකන්.....
දරුවන් උසස් තැන්වල අද වැජඹෙන්නේ
අප්පච්චී මහලු මඩමක ලතැවෙන්නේ
දරු සෙනෙහස මිසක තරහක් නෑ එන්නේ
පිය සෙනෙහසට කදුලින් ඇස් තෙත් වෙන්නේ...
තව වැඩි කලක් නෑ මම ජීවත් වෙන්නේ
මියැදී යන්න පෙර එක දවසක් ඉතිනේ
ආසයි ඔබෙ මුව කමල දැක ගන්නට පුතුනේ
හැකි නම් ඔබට ඇවිදින් යනු මැන ඉතිනේ...
Tuesday, April 9, 2013
නුඹ නැති ලොව..
නුඹට කියවනු බැරි ඇතී..
දෑස් පාමුල ගුලි ගැසී තව
කදුලු බිදු වැටෙනා හැටී..
දුරස් වූවද මගෙ ළගින් උන්
සුවද නෑ තවමත් මැකී..
කොහේ ඉන්නද කොහෙ යන්නද
හිතා ගන්නත් බැරි හැටී...
දෙනෝ දාහක් අතර රැදුනද
පාරවයි නුඹ මා නිතී..
පාලුවම විතරද මගේ ලොව
සතුට සොයනට සිත නැතී..
වාරු නැති හිත හුදෙකලාවට
තව තවත් ලං වෙයි නිතී...
අදුර පමණක් රැදුනු ලෝකෙන්
මිදෙන්නට මග තව නැතී..
Monday, April 8, 2013
නුඹට නොවටින මගෙ සෙනෙහස
මගේ හද තුල පිරී ඉතිරෙන
සෙනෙහසට අගයක් නොදේ නම්...
කතා කරනා වරක් පාසා
හිත තලා නුඹ සතුටු වේ නම්..
ළගින් ඉන්නා තත්පරේදිත්
දුරින් ඉන්නට තැත් කරයි නම්...
නුඹ මගේ යැයි තවත් හිත හිත
රවට්ටන්නේ කෝම හිත මං...
සෙනෙහසට අගයක් නොදේ නම්...
කතා කරනා වරක් පාසා
හිත තලා නුඹ සතුටු වේ නම්..
ළගින් ඉන්නා තත්පරේදිත්
දුරින් ඉන්නට තැත් කරයි නම්...
නුඹ මගේ යැයි තවත් හිත හිත
රවට්ටන්නේ කෝම හිත මං...
Subscribe to:
Posts (Atom)



