Monday, April 8, 2013

කියන් මගෙ ආදරී...

අකීකරු හිත ගාව
දග කෙරුව සුරතලී..
සිහිනෙන්ද ඔබ ආවෙ
කියන් මගෙ ආදරී..

ජීවිතේ තාලයට තැනූ
අත්වැල ඔබේ..
හැමදාම තිබුණ නම්
සුන්දරයි ජීවිතේ..
අඩවන් වු දෙනෙත් ළග
ගුලිවෙලා ආදරෙන්
මැව් සිහින බර වැඩිද
කියන් මගෙ ආදරී...

පපුතුරේ සැගවිලා
උණුහුමට ආදරෙන්
දොඩපු ආදර කතා
බොරු නේද ආදරී...
නුඹේ හිත පිරෙන්නම
මං දීපු ආදරේ..
නුඹට ඒ මදි උනිද
කියන් මගෙ ආදරී...

මගෙ හුස්ම නුඹෙ හුස්ම
වගෙ කිව්ව ආදරී..
මියෙනතුරු ළග ඉන්න
මට කිව්ව ආදරී..
හිතකින්ද නුඹ ගියේ
කියන් මගෙ ආදරී..


                                                                                                 සිහින....

No comments:

Post a Comment