පෙර සසරෙ මහා ලොකු පවක් උඹ කරන්නැති
ඒ පවට මේ බවේ මෙහෙම දුක් විදින්නැති
මල් කැකුල මුකුලිතව පර වෙලා වැටෙන්නැති
නුඹ නමින් මේ කවිය මගෙ සිතේ මැවෙන්නැති
සිනිදු මුදු මල් කැකුලෙ සුවද විහිදුවන්නැති
අහිංසක නෙත් දෙකින් දසත හැඩ බලන්නැති
පුංචි මුව කිරි සිනා දසත ඇද හැලෙන්නැති
නුඹ නොමැති සෝකයට දුක් කදුලු ගලන්නැති
ගියත් ඔබ වෙන්වෙලා ආ සැණින් නික්මිලා
නුඹෙ රුව මැවෙනවා තාම නෙත් තෙත් වෙලා
හදිසියෙම ඇවිත් ගිය නමුදු ඔබ වෙන් වෙලා
නුඹ ඉදී මතකයේ සදාකල් සැගවිලා
කිසිදාක දැක නොමැති නමුදු නුඹ හැබෑවට
නුඹෙ වියොව මහමෙරක් සේ දැණුන හදවතට
නුඹ නමින් ඉනූ මේ දුකම රැදි කදුලු කැට
පා කරමි ඈතකට යලි නොඑන්නට ළගට
උපදිනා මතු බවෙක දිගාසිරි ලැබේවා
මෙවන් වූ දුක් මරණ යලිත් හිමි නොවේවා
කටුක මරණය යලිත් යලි යලිත් පරදවා
සසර කෙලවර අමා මහ නිවන ලැබේවා
ඉපදෙන ආත්මයක මෙහෙම වෙන්න එපා මල්ලි උඹට
ReplyDeleteමමත් එහෙමම පතනව පූමො..මේක මගෙ හිතට ගොඩක් දැනුන සිදුවීමක්
Deleteදුකයි සතුටුයි....
ReplyDeleteදුක ඇයි කියල දන්නව..ඒත් ඇයි සුද්දො සතුටු
Deleteමටත් සතුටුයි.මොකද මේ පැටියා ජීවත් වුණා නම් දුක් ගොඩක් විදින්න වෙනවා.එහෙම නොවී එයා ඉක්මණීන් ගිය එකට සතුටුයි.ආයෙ කිසිම ආත්මයක මේ වගේ දුක් ගොඩක් එක්ක උපදින්න එපා මල්ලියේ.
Delete