Thursday, April 11, 2013

ජීවිතයේ සැදෑ සමය

රැදි විදැන් ටිටිදුරස් වෙලා
වාරු නෑ ගෙ ගිලන් වෙලා
මෙන් සිදැන් හොලු වෙලා
පාලුකාසිවිරක් ඉතුරු වෙලා..   

පෙර ගෙව් අතීතෙට ගොස් හිත නවතිනවා
දරුවන් සමග සිටි කාලය සිහි වෙනවා
ටික ටික මහලු වී මං වයසට යනවා
දරුවන් මහලු මඩමට මා ඇරලනවා..

අම්මා මෙලොව හැරදා ගිය දවසෙ පටන්
අඩුවක් කලෙ නෑ සැලකුවා  හැකි පමනින්
උන් හෙට දවසෙ ලොව ජයගෙන ගෙට එනකන්
මං මග බලා උන්නා උඹ ලොකු වෙනකන්.....

දරුවන් උසස් තැන්වල අද වැජඹෙන්නේ
අප්පච්චී මහලු මඩමක ලතැවෙන්නේ
දරු සෙනෙහස මිසක තරහක් නෑ එන්නේ
පිය සෙනෙහසට කදුලින් ඇස් තෙත් වෙන්නේ...

තව වැඩි කලක් නෑ මම ජීවත් වෙන්නේ
මියැදී යන්න පෙර එක දවසක් ඉතිනේ
ආසයි ඔබෙ මුව කමල දැක ගන්නට පුතුනේ
හැකි නම් ඔබට ඇවිදින් යනු මැන ඉතිනේ...


   



3 comments:

  1. ගතින් උතුරන තරුණකම ඇති
    සිතින් මතුවන උඩගුකම ඇති
    මෙවන් දෙය කිසි කලෙක නොම වෙති
    හිතන් ඉන්නට නොහැක වනු ඇති

    ReplyDelete
  2. කොහොමෙයි හත් ඉලව්වේ මේ බ්ලොග් එක ෆලෝ කරන්නේ ?

    ReplyDelete